පතල් කම්කරුවන් අඩි 1100 ක් යට විරෝධය දක්වයි

පතල් කම්කරුවන් අඩි 1100 ක් යට විරෝධය දක්වයි

September 22, 2014   01:45 pm

කුරුණෑගල “කහටගහ ගැෆිට් මයින්“පතළේ කම්කරුවන් අඩි 1100 ක් පතල යට විරෝධතාවක් ආරම්භ කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

සේවය ස්ථීර කරවා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම උදෙසා මෙම අරගලය ආරම්භ කළ බව එම කම්කරුවන් අප වාර්තාකරුට පවසා තිබේ.

වසර 30-40 තරම් කාලයක් සේවය කරන ලද සේවකයින්ද ඇතුළුව සේවකයින් හැත්තෑ ගණනක් මෙලෙස පතල තුළ සේවයෙන් ඉවත්වී ආහාර නොගෙන රැඳී සිටින බව අප වාර්තාකරු පවසයි.