එජාප අධාරකරුවන් 5ට දැල

එජාප අධාරකරුවන් 5ට දැල

September 18, 2014   12:21 pm

නීති විරෝධි අයුරින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වු පුද්ගලයින් 05 දෙනෙකු වැලිමඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ පස්වරුවේ වැලිමඩ නගරයේ පොස්ටර් අලවමින් සිටිය දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අද බණ්ඩාරවෙළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.