ආපනශාලා හිමියා ආපනශාලාවේම මරාදමලා

ආපනශාලා හිමියා ආපනශාලාවේම මරාදමලා

September 16, 2014   07:25 am

ගින්තොට තුනී ලෑලි සංස්ථාවේ ආපනශාලාව පවත්වාගෙන ගිය අයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රී 11.30 ට පමණ මොහු අදාළ ආපනශාලාව තුළම ඝාතනය කර ඇති බව සඳහන්ය.

කොළඹ 14, මහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ  වත්තේගෙදර ජයතිලක නැමැති 53 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනයට හේතුව හෝ ඝාතකයින් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.