කේෂාණි හම්බවුණා!

කේෂාණි හම්බවුණා!

September 12, 2014   04:54 pm

කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේදී මීට දින කිහිපයකට ඉහතදී පැහැර ගැනීමට ලක්වූ බව කියන කේෂාණි බණ්ඩාර නැමැති සිව්හැවිරිදි දැරිය නෙරියාව ප්‍රදේශයේ වෙළඳසැලක් අසළ දමාගොස් සිටියදී සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.

කෙසේ වුවද ඇය පැහැර ගැනීමට ලක්වූ දැරියමදැයි සැකහැර දැන ගැනීමට එම දැරිය මව්පියන් වෙත ගෙනයමින් ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය කීවේය.

පසුගිය 08 වැනිදා රාත්‍රී සිය මව්පියන් හා සහෝදරයා සමග නිදා සිටියදී දැරිය පැහැර ගැනීමට ලක්ව තිබූ අතර දැරිය නිදා සිටි නිවසේ ඇඳ සමීපයේ තිබූ ඉටි රෙද්දක් කපා දමා ඇය පැහැරගෙන ඇති බව මාධ්‍ය මගින් අනාවරණය කෙරිණ.

මේ ගැන පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙන්ම රහස් පොලීසිය ද පරීක්ෂණ ඇරඹු අතර නිවැරදි තොරතුරක් දෙන පුද්ගලයෙකුට රුපියල් දසලක්ෂයක ත්‍යාගයක් දෙන බවද ඊයේ නිවේදනය කෙරුණි.

මෙම දැරිය හිටිහැටියේ අතුරුදන් වීම ගැන මෙම නිවසට නිතර ආ ගිය බව කියන කට්ටඬියෙකුගෙන්ද රහස් පොලීසිය ප්‍රශ්න කර තිබුණි.