කුරුණෑගල දැරිය ගැන තොරතුරක් දුන්නොත් ලක්ෂ 10ක් අතේ!

කුරුණෑගල දැරිය ගැන තොරතුරක් දුන්නොත් ලක්ෂ 10ක් අතේ!

September 11, 2014   01:57 pm

කුරුණෑගල, වැල්ලවදී පැහැරගත් බව කියන සිව්හැවිරිදි දැරිය ගැන නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 10ක ත්‍යාගයක් ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.

එම තොරතුරු 0777 223 095 අංකයට දැනුම්දිය හැකිය.

පෙරේදා මහ රෑ නිවසේ නිදා සිටියදී පැහැරගත් බව කියන එම දැරිය සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් හා රහස් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.