රාජාංගණයේ ළමුන් තිදෙනෙකුත් අතුරුදන්

රාජාංගණයේ ළමුන් තිදෙනෙකුත් අතුරුදන්

September 10, 2014   10:19 pm

රාජාංගණය ප්‍රදේශයේ පදිංචි සිසුන් තිදෙනෙකු ඊයේ (09) පාසල් ‍ගොස් නැවත නිවසට නොපැමිණි බවට ඔවුන්ගේ මව්පියන් විසින් අද (10) පොලීසියට පැමිණිලි කර තිබේ.

මෙම ළමුන් තිදෙනාගෙන් දෙදෙනෙකු එකම පවුලේ සහෝදරයින් බවද මේ ගැන වැඩිදුර පරීක්ෂණ රාජාංගණය පොලීසිය විසින් සිදුකරන බවද පොලිස් මාධ්‍ය ඒකකය කියයි.

මේ අතර කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේ සිව්හැවිරිදි දැරිය ද සොයා රහස් පොලීසිය මෙන්ම පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අද පස්වරුව වන විටත් දැරිය පිළිබඳ නිවැරදි ‍තොරතුරක් අනාවරණය වී නැති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.