සිව් හැවිරිදි දැරියක අතුරුදහන් - පැහැරගත් බවට පැමිණිලි

සිව් හැවිරිදි දැරියක අතුරුදහන් - පැහැරගත් බවට පැමිණිලි

September 9, 2014   07:02 am

වැල්ලව,අඹකොළවැව,නිකදළුපොත ගම්මානයේ වයස අවුරුදු 4යි මාස 6ක් වයසැති දැරියක පැහැරගෙන ඇති බවට පොලීසියට පැමිණිලි ලැබී ඇති වග පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

ඊයේ රාත්‍රීයේ තමන් සමග නිවසේ නිදා සිටි දැරිය මෙසේ පැහැරගැනීමට ලක්වුණු බව දැරියගේ මව විසින් පොලීසියට පැමිණිලි කර ඇති බව හෙතෙම සඳහන් කරයි.

කෙසේ වෙතත් මේවන විට අතුරුදහන්ව ඇති දැරිය සොයා පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියි.