ලාංකික සරණාගතයින් 3532ට ස්ථාන මරුවක්

ලාංකික සරණාගතයින් 3532ට ස්ථාන මරුවක්

August 21, 2014   11:04 am

ඉන්දියාවේ භවානි සාගර් නමැති සරණාගත කඳවුරේ රැඳී සිටින ශ්‍රී ලාංකික සරණාගත පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ.

එම කඳවුරේ වෙසෙන සරණාගතයින්ගේ ඉල්ලිම් සලකා බැලීමෙන් අනතුරුව එරට පුනරුත්ථාපන කටයුතු පිළිබඳ කොමසාරිස් පී.ඒ. අනාන්ද් විසින් මෙම තිරණය ගෙන ඇත.

අදාළ සරණාගත කඳවුරේ වෙසෙන පුද්ගලයින්ට ජල, සනීපාරක්ෂක සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් අවශ්‍ය පරිදි නොමැති වීම හේතුවෙන් ඔවුන් මෙලෙස වෙනත් කඳවුරකට මාරු කර යැවීමට පියවර ගෙන තිබේ.

එම කඳවුර තුළ මේ වන විට පවුල් 1057කට අයත් සරණාගතයින් 3532 පමණ ජීවත් වන බව වාර්තා වේ.

අදාළ සරණාගත කඳවුරුවල වෙසෙන පුද්ගලයින් සංඛ්‍යාව 1000 ඉක්මවා යාමෙන් අනතුරුව ඔවුන් මාරු කර යැවීමට පියවර ගන්නා බව ඉන්දියාවේ පුනරුත්ථාපන කටයුතු පිළිබඳ කොමසාරිස් පී.ඒ. අනාන්ද් මහතා ප්‍රකාශ කර ඇත.