ඉබෝලා ලයිබිරීයාවට ඇදිරි නීතියත් දමයි
සයුරෙන් එතෙර

ඉබෝලා ලයිබිරීයාවට ඇදිරි නීතියත් දමයි

August 20, 2014   11:01 am

ඉබෝලා වෛරසය මර්දනය කිරීම සඳහා ලයිබිරියාවට රාත්‍රී කාලයේ ඇදිරි නීතිය පනවා තිබේ.

එරට මොන්රෝවියා අගනුවරට මෙලෙස රාත්‍රි කාලයේ ඇදිරි නීතිය පනවා ඇති බව සඳහන්ය.

ලයිබිරියානු ජනාධිපති එලන් ජොන්සන් සර්ලීෆ් මහත්මිය පවසා ඇත්තේ එරට වේලාවෙන් රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ඇදිරි නීතිය ක්‍රියාක්මක වන බවයි.

බටහිර අප්‍රිකානු රටවල සීඝ්‍රයෙන් පැතිර යන ඉබෝලා වෛරසය හේතුවෙන් මිට මාසයකට පමණ පෙර ලයිබිරියාවට හදිස්සි තත්ත්වයක් ප්‍රකාශ කර තිබුණි.

ඉබෝලා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 1229 දෙනෙක් මිය ගොස් ඇති අතර ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ලයිබිරියාවෙනි.