දිය රකුසා මෙතරම් කුරිරුද...?

දිය රකුසා මෙතරම් කුරිරුද...?

December 4, 2016  

Bookmark and Share
ඩෙවෝන් ඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිළී මියගොස් තිබේ. දිඹුල ප්‍රදේශයේ පැවැති ආගමික කටයුත්තක් සඳහා ගොස් සිටි තරුණයෙකු මිතුරන් පිරිසක් සමග ඩෙවෝන් ඇල්ලේ දිය නෑමට ගිය අවස්ථාවේ ඔහු මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේය.මෙලෙස මියගොස් ඇත්තේ රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකි.දිඹුල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අදාළ තරුණයාගේ මළ සිරුර සොයා ගෙන ඇති බව සඳහන්ය. සිරුර කොටගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දිඹුල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඡායාරූ-රංජිත් රාජපක්ෂ