ජාඇල ප්‍රදේශයේ වෙඩි තැබීමක්

ජාඇල ප්‍රදේශයේ වෙඩි තැබීමක්

July 28, 2014   10:22 am

ජාඇල, රුක්මනීදේවි හන්දිය ප්‍රදේශයේ දි සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ ලෙස තුවාල ලබා තිබේ.

අද(28)  උදෑසන 08.30ට පමණ වෙඩිතැබීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය මහින්ද සමරනායක මහතා සඳහන් කර සිටියේය.

ඔහුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

ජා ඇල ප්‍රදේශයේ බැංකුවක තැන්පත් කිරිම සඳහා තම බිරිඳ සමඟ යතුරු පැදියකින් මුදල් රැගෙන යමින් සිටියදි අදාළ පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

අදාළ පුද්ගලයා සිදුව ප්‍රදේශයේ පැණි බීම නිෂ්පාදන බෙදාහැරීමේ නියෝජිත ආයතනයක් පවත්වාගෙන යන 72 හැවිරිදි අයෙකු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.