උපවාස සමය අවසන් - රාමසාන් අඟහරුවාදා

උපවාස සමය අවසන් - රාමසාන් අඟහරුවාදා

July 27, 2014   08:39 pm

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව එළඹෙන අඟහරුවාදා (29) දිනයේ දී රාමසාන් උත්සවය පවත්වනු ඇති බව කොළඹ ප්‍රධාන මුස්ලිම් පල්ලිය පවසයි.

මාසයක කාලයක් පුරාවට උපවාසයේ නිරතව සිටින මුස්ලිම් ජනයා එළඹෙන අගහරුවාදා සිය උපවාසය අත්හරියි.

ඒ අනුව ඊදුල් පීතර් නැමැති නෝම්බි අවුරුද්ද ඔවුන් සැමරීමට නියමිතව තිබේ.