සීගිරි සංචාරකයින්ට බඹර ප්‍රහාරයක් - 7 දෙනෙකු රෝහලට

සීගිරි සංචාරකයින්ට බඹර ප්‍රහාරයක් - 7 දෙනෙකු රෝහලට

July 25, 2014   02:13 pm

සීගිරිය නැරඹීමට ගිය විදෙස් ජාතික සංචාරකයින් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවී තිබේ.

අද(25) පෙරවරු 11.30ට පමණ මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

බඹර ප්‍රහාරයට ලක් වූ විදෙස් ජාතිකයින් හත් දෙනෙකු සහ ශ්‍රී ලාංකික මාර්ගෝපදේශකයෙකු ප්‍රතිකාර සඳහා කිඹිස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ අනුව පිරිමින් 4 දෙනෙකු සහ ස්ත්‍රීන් 4 දෙනෙකු මෙලෙස රෝහල් ගත කර ඇති අතර චීන ජාතික කාන්තාවක සහ රුසියානු ජාතික කාන්තාවක වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා ඇති බව පොලීසිය පවසයි.

අනෙක් පිරිස කිඹිස්ස රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව කියැවෙයි.

කෙසේ වෙතත් බඹර ප්‍රහාරයට ලක්වූවන් අතර ජපන්, හොංකොං සහ හංගේරි ජාතිකයන් සිටින බව පොලීසිය කියා සිටියි.

සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.