බිරිය මරා ගෙයි පිටුපස වළේ දාලා - සැමියා අන්තිමේදී පොලීසියට බාරවෙයි

බිරිය මරා ගෙයි පිටුපස වළේ දාලා - සැමියා අන්තිමේදී පොලීසියට බාරවෙයි

July 12, 2014   06:43 pm

බිරියගේ අනියම් සම්බන්ධයක් ඇතැයි සැකයෙන් ඇය මරාදමා ගෙයි පිටුපස වළදැමූ බව කියන සැමියෙක් දින 10ට පමණ පසු අද (12) ගාල්ල පොලීසියට බාරවී තිබේ.

ගාල්ල, උලුවිටිකේ, නාවින්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 55ක් පමණ වයසැති මුස්ලිම් ජාතිකයෙකු මෙලෙස සිය බිරිය මරාදමා ඇත්තේ අලවංගුවකින් හා මිටියකින් පහරදී බව පොලීසිය හමුවේ අනාවරණය කර ඇතැයි අප වාර්තාකරු පැවසීය.

අනතුරුව ගෙයි පිටුපස අලුතින් හදාගෙන යන නිවසක අත්තිවාරම අසළ වළක් බිරිය වළදමා දින කිහිපයක් ගතවද්දී මොහුට තමන් කළ අපරාධය වාවා ගනු නොහැකිව ප්‍රදේශයේ පල්ලියට ගොස් එහි ප්‍රධානියාට පවසා ඇත.

අනතුරුව ඔහුට වහාම පොලීසියට ගොස් බාරවන්නැයි කීමත් සමග හෙතෙම මෙලෙස පොලීසියට බාරවී ඇති අතර ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් කුමාර බණ්ඩාර මහතා ඉදිරියේ අද රාත්‍රීයේ එම සිරුර ගොඩගැනිණ.