දුම්වැටි දවටන නඩුවේ තීන්දුව අදයි

දුම්වැටි දවටන නඩුවේ තීන්දුව අදයි

May 12, 2014   08:15 am

දුම්වැටි දවටන වල රූපමය අවවාද ඇතුළත් කිරීමේ නඩුවේ තීන්දුව අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

දුම්වැටි දවටන වල සියයට 80ක් ආවරණ වන පරිදි මුඛ පිළිකා රූපසටහන් සහිත රූපමය අවවාද ඇතුළත් කිරීමේ ගැසට් පත්‍රයට එරෙහිව දුම්කොළ සමාගම විසින් නඩු පවරනු ලැබීය.

ඒ අනුව අදාළ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේ ලබාදීමට නියමිතය.

කෙසේ වෙතත් දුම්වැටි දවටන වල රූපමය අවවාද ඇතුළත් කිරීමේ ගැසට් පත්‍රය පසුගියදා පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත විය.