මඩකලපුවට දැඩි නියං තත්ත්වයක්

මඩකලපුවට දැඩි නියං තත්ත්වයක්

April 24, 2014   03:41 pm

මඩකලපුව දිස්ත්‍රික්කයට දැඩි නියං සහිත තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ වගාවන්ට ද හානි පැමිණ ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මඩකලපුව දිස්ත්‍රික්කෙයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් පමණ වුවද මේ දිනවල එය සෙල්සියස් අංශක 34ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ප්‍රදේශයේ ජලාශ සිඳි ගොස් ඇති අතර ගොවීන් ද දැඩි අපහසුවට පත්ව ඇති බව සඳහන් වෙයි.