දින 5ක බිළිඳිය පාරේ දමාගිය මව රිමාන්ඩ්

දින 5ක බිළිඳිය පාරේ දමාගිය මව රිමාන්ඩ්

April 19, 2014   01:52 pm

දින 05ක් වයසැති කුඩා බිළිඳියක මහ මග දමා ගිය මවක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඊයේ දිනයේ මෙම මව විසින් බිළිඳිය බලංගොඩ මූලික රෝහල ඉදිරිපිට බස් නැවතුම්පළේ දමා ගොස් සිටිය දී සොයාගැනිණ.

පසුව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බලංගොඩ පොලිසිය මෙම මව අත්අඩංගුවට ගත් අතර එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් බිළිඳිය මහ මග දමා ගිය බවයි.

33 හැවිරිදි වේවැල්වත්ත ප්‍රදේශයේ කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගත් අතර ඇය අද බලංගොඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කෙරුණි.

එහිදී සැකකාර කාන්තාව ලබන 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බලංගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.