ඔබාමාගේ සෞඛ්‍ය ආරක්ෂණයට අත්සන් මිලියන 7ක්
සයුරෙන් එතෙර

ඔබාමාගේ සෞඛ්‍ය ආරක්ෂණයට අත්සන් මිලියන 7ක්

April 1, 2014   11:43 am

අමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාගේ අනුග්‍රහය යටතේ පවතින සෞඛ්‍ය ආරක්ෂක රක්ෂණය සඳහා අමෙරිකානුවන් විශාල පිරිසක් අත්සන් තබා ඇති බව වාර්තා වේ.

රක්ෂණය සඳහා අත්සන් තබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 7ක් පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.

අදාළ රක්ෂණ වැඩසටහන වාර්ෂිකව ක්‍රියාත්මක වුව ද වෙබ් අඩවිවල ඇති වු විවිධ අවහිරතා සහ තාක්ෂණික දෝෂයන් හේතුවෙන් වැඩසටහන ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වු බව අමෙරිකානු බලධාරීන් පවසන්නේය.

කෙසේ වෙතත් රක්ෂණය මගින් අමෙරිකාවේ ජීවත්වන ජනතාවට අවශ්‍ය අවස්ථාවලදී සෞඛ්‍ය ආරක්ෂණය සැපයීමට එරට රජය බලාපොරොත්තු වුව ද විරුද්ධ පක්ෂ පෙන්වා දෙන්නේ මෙය හුදෙක් මුදල් අපතේ යැවීමක් පමණක් බවයි.