වතු අධිකාරී ඝාතනය - හිටපු සභාපති ඇතුළු 18ක් යළි රිමාන්ඩ්

වතු අධිකාරී ඝාතනය - හිටපු සභාපති ඇතුළු 18ක් යළි රිමාන්ඩ්

July 15, 2013   01:44 pm

දැරණියගල, නූරි වතුයායේ වතුඅධිකාරී නිහාල් පෙරේරා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු සැකකරුවන් 18 දෙනෙකු ලබන 24 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (15) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබු අතර එම සැකකරුවන් අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනෙවිරත්න මහතා ඔවුන් රිමාන්ඩ් කරන ලෙසට මෙම නියෝගය ලබාදී ඇත.

දැරණියගල , නූරිවතුයායේ අධිකාරීවරයාට කිසියම් පිරිසක් පසුගිය 05 වැනිදා පහරදී කපා කොටා ඝාතනය කර තිබුණි.

එදින උදෑසන 9.30 ට පමණ නිහාල් පෙරේරා නමැති වතු අධිකාරිවරයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී කැබ් රථයකින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පැවසීය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.