නූරියාවත්තේ වතු අධිකාරීවරයා ඝාතනය කරලා

නූරියාවත්තේ වතු අධිකාරීවරයා ඝාතනය කරලා

July 5, 2013   03:49 pm

දැරණියගල , නූරියාවත්තේ වතු අධිකාරීවරයා කිසියම් පිරිසක් විසින් පහරදී කපා කොටා ඝාතනය කර තිබේ.

අද උදෑසන 9.30 ට පමණ නිහාල් පෙරේරා නමැති වතු අධිකාරිවරයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී කැබ් රථයකින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ වතු අධිකාරීවරයා දැරණියගල රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි වග රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙක් මේවන විට කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය කියා සිටියි.

ප්‍රදේශයේ දර ජාවාරමේ නිරත පිරිසකගෙන් වතු අධිකාරීවරයාට තර්ජන පැවති බවත්, එම පිරිස මේවන විට ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බවත් පොලීසිය සඳහන් කරයි.