වතු අධිකාරී ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

වතු අධිකාරී ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

July 8, 2013   04:57 pm

දැරණියගල, නූරි වතුයායේ වතුඅධිකාරී නිහාල් පෙරේරා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනා ලබන 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන අතකොටා නමින් හඳුන්වන පුද්ගලයාගේ නිවස අවස්ථා තුනකදී පමණ පරික්ෂාවට ලක් කළ බව පොලීසිය පවසයි.

ඝාතනයට අදාළ ත්‍රිරෝද රථ දෙකක් ද කැබ් රථයක් ද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ.