හච් නව ප‍්‍රධාන විධායක ධූරය තිරුකුමාර් නඩරාසාට

හච් නව ප‍්‍රධාන විධායක ධූරය තිරුකුමාර් නඩරාසාට

December 22, 2012   11:09 am

හච් ශී‍්‍ර ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ධූරය ස`දහා තිරුකුමාර් නඩරාසා මහතා පත්කර තිබේ. Hutchison Asia Telecommunications Ltd, Hongkong සමාගම නිවේදනය කළේ හච් ශී‍්‍ර ලංකා සමාගමේ නව ප‍්‍රධාන විධායක නිලධාරි ධූරය ස`දහා වහාම කි‍්‍රයාත්මක වන පරිදි තිරුකුමාර් නඩරාසා මහතා මෙලෙස පත්කර ඇති බවයි.

විදුලි සංදේශ ක්ෂේත‍්‍රයේ ආසියානු හා අපි‍්‍රකානු කලාපයේ වසර 20ක පළපුරුද්දක් සහිත තිරුකුමාර් මහතා වසර 14ක් හචිසන් ටෙලිකොම්, හොංකොං සමාගම සම`ග එක්ව කටයුතු කර ඇති අතර වසර 4ක කාලයක් සිංගප්පුරු ටෙලිකොම් (Singapore Telecom) සමාගම හා එක්ව කටයුතු කර ඇත. මැදපෙරදිග විහිදුණු GSM ජාලයක් මධ්‍යම අපි‍්‍රකාවේ ස්ථාපිත කිරීම ස`දහා ඔහු වෙත පැවරුණු ව්‍යාපෘතියක් නොබෝදා සාර්ථකව නිමා කරන ලදී.

මෙරට විදුලි සංදේශ ක්ෂේත‍්‍රයට ආගන්තුකයෙකු නොවන තිරුකුමාර් මහතා 2002 වසරේ සිට 2005 වසර දක්වා වසර 5ක් ප‍්‍රධාන විධායක නිලධාරී ධූරය හොබවමින් 2004 වසරේදී හච් GSM ජාලය හදුන්වාදීමට ද පෙරමුණ ගෙන කටයුතු කළේය. හච් යන නාමය පාරිභෝගිකයින්ට සමීප කරවමින් GSM මෙහෙයුම් පෙරට ගෙන ඒම හචිසන් ටෙලිකොම් වියට්නාම මෙහෙයුම්වල නිරතව සිටි සමයේදී ඔහුගේ වෑයම විය.

තිරුකුමාර් මහතා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව ස`දහා එක්සත් රාජධානියේ Loughborough විශ්ව විද්‍යාලයෙන් උපාධියක්ද හිමිකරගෙන සිටියි. ඊට අමතරව ඒ මහතාට College London සහ Aston විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ විද්‍යාව හා විදුලි සංදේශ තාක්ෂණය පිළිබඳ ආචාර උපාධි දෙකක්ද හිමිව ඇත.

තමන් වෙත හිමි වූ නව ධූරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තිරුකුමාර් නඩරාසා මහතා ස`දහන් කළේ “යළිත් වරක් හච් ශී‍්‍ර ලංකා සමාගම සම`ග එක් වෙමින් ඉදිරි සංවර්ධන වැඩපිළිවෙලට නායකත්වය ලබාදීමට හැකි වීම පිළිබ`දව මා සතුටට පත් වනවා. ශී‍්‍ර ලංකාවේ දිස්ති‍්‍රක්ක 25ම ආවරණය වන පරිදි කි‍්‍රයාත්මක විශාලතම හා වඩාත් දියුණු 3 G ජාලය ස්ථාපිත කරමින් දැවැන්ත ව්‍යාපෘතියක් ස`දහා හච් සමාගම මේවන විට විශාල අයෝජනයක් සිදු කර තිබෙනවා. බටහිර රටවල මෙන් ඉතා උසස් මට්ටමින් දිවයිනේ සෑම ප‍්‍රදේශයකම ජීවත් වන ජනතාවට රැහැන් රහිත අන්තර්ජාල පහසුකම් සලසාදීමට අවශ්‍ය පියවර ගැනීම මාගේ මීළ`ග උත්සාහයයි” යනුවෙනි.