වෙදුන්ගේ වැඩ වැරීම 8 ට අවසන්

August 17, 2012   03:25 pm

රජයේ වෛද්‍ය නිලධාරීන් විසින් දීපව්‍යාප්ත ලෙස පවත්වන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට (18) පෙරවරු 8.00 ට අත්හිටුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද දිවයින පුරා රෝහල් රැසක වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථක වූ බව සඳහන්ය.

පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය දරණ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහාගේ දෙහිවල පිහිටි නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කෙරිණි.

ඊට විරෝධය පාමින් රජයේ වෛද්‍යවරු විසින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලිණි.