අත් බෝම්බ ප්‍රහාරය ගැන පරීක්ෂණ සී.අයි.ඩී.ය භාරගනියි
August 17, 2012 10:02 am
කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ දෙහිවල පිහිටි නිවස අසල තිබී ඊයේ ජීව අත්බෝම්බයක කොටස් සොයා ගැනීම පිළිබඳ විමර්ශන කටයුතු අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මේ සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබිණි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
දෙහිවල පිහිටි මෙම විශේෂඥ වෛද්‍යවරයාගේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමට විරෝධය පළ කරමින් අද (17) දිනයේ දී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් දියත් කර තිබේ.
ඊයේ (16) පෙරවරුවේ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ නිවසට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම මෙන්ම මීට පෙරාතුව ද අවස්ථා කිහිපයක දීම වෛද්‍ය සභාවේ වෛද්‍යවරුන්ට තර්ජන එල්ලවීමත් හේතු කොට ගෙන මෙම ක්‍රියා මාර්ගය ගන්නා බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නවීන්ද්‍ර සොයිසා මහතා අද දෙරණට කියා සිටියේය.