නවි පිල්ලේගේ ධූර කාලය වසර 2ට දීර්ඝ කෙරෙයි?

August 7, 2012   12:33 pm

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවි පිල්ලේගේ දෙවන ධූර කාලය තවත් අවුරුදු 2 කින් පමණක් දීර්ඝ වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මානව හිමිකම් කොමසාරිස්වරියගේ දෙවන ධූර කාලය වසර 4 ක් වුවද ඇය එම කාලයෙන් වසර 2 ක් භාර ගැනීමට කැමැත්ත පළ කර තිබේ.

එහෙත් ඇය ඊට කැමැත්ත පළ කර ඇත්තේ ස්වකැමැත්තෙන් ද එසේත් නැති නම් බලපෑම් මත ද යන්න හෙළි වී නැතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් ඇය සිය තනතුරෙන් ඉල්ලා අස්වීම වඩාත් සුදුසු බව ජගත් මහ ලේකම් බැංකි මූන් ප්‍රමුඛ ඇමරිකානු බලධාරින් අවධාරණය කරමින් සිටින බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

එහෙත් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ද එම වාර්තා අනාවරණය කරයි.

ගැටලුව සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව ද මේ වන විටත් විසඳුමක් සොයමින් සිටින බව සඳහන්ය.

මේ අතර ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ඇතුළු පිරිසක් ඉදිරියේදි ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ද අදාළ වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.