සජබයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙන් ලේකම්වරියට ප්‍රහාරයක්

සජබයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙන් ලේකම්වරියට ප්‍රහාරයක්

December 30, 2025   11:50 am

සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් එම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදී තිබේ. 

ප්‍රහාරයෙන් තුවාල ලැබූ ලේකම්වරිය මේ වන විට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මතුගම වෑත්තෑව රෝහලට ඇතුළත් ව ඇත.

අද (30) උදෑසන ප්‍රාදේශීය සභාවේ ගොඩනැගිල්ලේ ලේකම්තුමිය රැඳී සිටින කාර්යාලයට පැමිණ සභාපතිවරයා ප්‍රාදේශීය සභාවේ ව්‍යාපෘතියක් සම්බන්ධව ආරවුලක් ඇතිකරගෙන ඇති අතර එහිදී සිදුවූ බහින්බස් වීමෙන් අනතුරුව සභාපතිවරයා විසින් ලේකම්වරියට පහරදී ඇතැයිද වාර්තාවේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලේකම්වරිය විසින් මතුගම පොලීසිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධව මතුගම පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද වාර්තා වේ.