හිටපු ඇමති ඩග්ලස් බන්ධනාගාර රෝහලට
December 30, 2025 01:23 pm
අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
වෛද්‍යවරු විසින් ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමකින් අනතුරුව ලද නිර්දේශ මත ඒ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.
පසුගිය 26 වැනිදා ඒ මහතා ගිනි අවි සිද්ධියක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළවය.
