ඇල්ල බස් අනතුරේ හිමිකරුට ඇප

ඇල්ල බස් අනතුරේ හිමිකරුට ඇප

September 10, 2025   10:31 am

Update - 06:20 pm

ඇල්ල - වැල්වාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය නිසිලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ එම බස්රථයේ හිමිකරුට ඇප හිමිව ඇත.

ඇල්ල පොලීසිය මගින් ඊයේ (09) රාත්‍රියේ දී අත්අඩංගුවට ගනු ලැබූ ඔහු අද (10) දහවල් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කළේය.

එහිදී ළඟම ඥාතින් දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් හා රු 50,000ක පුද්ගලික ඇපයක් ලෙස ඇප නියම විය.

----------------------------------------------------

ඇල්ලේ දී අනතුරට පත් බස්රථයේ හිමිකරු අත්අඩංගුවට
September 10, 2025   10:31 am

ඇල්ල - වැල්වාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය නිසිලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් එම බස්රථයේ හිමිකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථය ඇල්ල පොලිස් වසමේ ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී පසුගිය 04 වනදා ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරෙන් 15 දෙනෙකුට දිවි අහිමි විය.

මෙම අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද මියගොස් තිබුණි.