ඉන්දීය ධීවරයින් දෙදෙනෙකුට වෙඩි වැදීමේ සිද්ධියට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අප්‍රසාදය
January 28, 2025 05:16 pm
ඩෙල්ෆ් ආසන්න මුහුදේදී ඉන්දීය ධීවරයින් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දැඩි අප්‍රසාදය පළ කර තිබේ.
නවදිල්ලි ශ්‍රී ලංකා වැඩ බලන මහකොමසාරිස්වරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජය විරෝධය පළ කර ඇති බව ඉන්ධිය මාධ්‍ය වාර්තා කර තිබේ.
ජීවනෝපාය ගැටලු සැලකිල්ලට ගනිමින් ධීවරයින් පිළිබඳ ගැටළු මානුෂීය ආකාරයෙන් සලකා බැලීමේ අවශ්‍යතාව ඉන්දීය රජය එහිදී අවධාරණය කර ඇති බව සඳහන්ය.
එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාතශංශය පවසන්නේ බලය භාවිත කිරීම කිසිදු අවස්ථාවක් යටතේ පිළිගත නොහැකි අතර මේ සම්බන්ධව ආණ්ඩු දෙක අතර පවතින අවබෝධතා දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතු බවත්ය.
ඩෙල්ෆ් දූපත ආසන්නයේදී ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේදී නාවික හමුදා සෙබලෙකු අතින් සිය ගිනිඅවිය ක්‍රියාත්මක වී ඉන්දීය ධීවරයින් තුවාළ ලැබීමේ සිද්ධියක් අද (28) පෙරවරුවේ වාර්තා විය.
තුවාල ලැබූවන් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බවද සඳහන්.