මාරක අනතුරු කිහිපයක් - ජීවිත 4ක් බිලිගනී

මාරක අනතුරු කිහිපයක් - ජීවිත 4ක් බිලිගනී

April 30, 2024   07:57 am

සෙවනගල හන්දිය, ගිනිගල්පැලැස්ස ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (29) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. 

සෙවනගල හන්දිය දෙස සිට ගිනිගල්ලපැලැස් දෙසට ධාවනය වූ යතුරුපැදික ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව තිබිණි.

එලෙස මියගොස් ඇත්තේ, සෙවනගල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි හා 46 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

මේ අතර අවිස්සාවේල්ල - කොළඹ මාර්ගයේ රක්ෂපාන හන්දිය අසලදී මෝටර් රථයක් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් 34 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

එසේ මියගොස් ඇත්තේ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි යතුරුපැදියේ පැදිකරුය.

මේ අතර යාපනය - මහනුවර ප්‍රධාන මාර්ගයේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරුකින් 40 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

ඊයේ උදෑසන බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව ඇත.