ගවයින් ප්‍රවාහනය කළ ලොරියට පොලීසියෙන් වෙඩි

ගවයින් ප්‍රවාහනය කළ ලොරියට පොලීසියෙන් වෙඩි

April 11, 2024   08:26 am

කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය වෙඩිතබා තිබේ.

පොලීසිය පැවසුවේ, ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට මෙලෙස වෙඩි තබා ඇති බවය.

අද (11) අලුයම 4.30ට පමණ කනංකේ රජමහා විහාරය අසල ප්‍රදේශයේදී ගවයෙක් ලොරි රථයකට පටවනු නිරීක්ෂණය කළ රාත්‍රී ජංගම සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසක් දොලේලියද්ද ප්‍රදේශයේදී එම ලොරි රථය නැවැත්වීම සඳහා නියෝග කර තිබේ.

කෙසේ වෙතත් ලොරි රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පොලිස් නිලධරීන් රථයට වෙඩි තබා තිබුණි.

එහිදී ලොරි රථයේ සිටි එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර තවත් දෙදෙනෙකු පළාගොස් තිබේ.

මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ ගින්තොට, මාපුගල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සියාම් නම් පුද්ගලයෙකි.

සැකකරු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.