මඩකලපුවේ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ජනපති අතින් විවෘත වෙයි

මඩකලපුවේ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ජනපති අතින් විවෘත වෙයි

June 22, 2024   10:45 am

මඩකලපුව තිරායිමඩු ප්‍රදේශයේ ඉදිකෙරුණු නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මීට සුළු මෙහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මෙම නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1,055ක වියදමක් දරා ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයේ කළේය.