පොහොට්ටුවේ විධායක සභාව අද රැස්වෙයි

පොහොට්ටුවේ විධායක සභාව අද රැස්වෙයි

March 27, 2024   07:28 am

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද (27) රැස්වීමට නියමිතව තිබේ.

අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී මෙම රැස්වීම පැවැත්වෙනු ඇත.

ඒ පිළිබඳ පැහැදිලි කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශ සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා,

"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව රැස්වෙනවා හවස 3ට, පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවාසයේ දී. සාමාන්‍යයෙන් විධායක සභාව අපි නිශ්චිත ව්‍යවස්ථානුකූල ආකාරයට අඛණ්ඩව අවශ්‍ය අවස්ථාවන්හි දී රැස්වෙනවා. ඒ අනුව සුපුරුදු හමුවක්. මේ මොහොතට අදාළ පවතින දේශපාලන තත්ත්වයත් ඒ වගේම පක්ෂ අභ්‍යන්තරයට අදාළ කරුණු කිහිපයකුත් සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබෙනවා."