රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට බෝධිගිරි විහාරයේදී

රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට බෝධිගිරි විහාරයේදී

March 25, 2024   04:48 pm

විනයගරුක නීතිගරුක සිල්වත්භාවයෙන් යුතු සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පිහිටුවා ඇති "සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානයේ" රත්නපුර දිස්ත්‍රික් සඟ සමුළුව හෙට රත්නපුරයේදී පැවැත්වෙයි.

එම සංවිධානය පවසන්නේ රත්නපුර පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරයේ හෙට (26) පස්වරු 5ට මෙම සඟ සමුළුව පැවැත්වෙන බවය.

කෝලිත මැණික් ව්‍යාපාරය මගින් මෙම සඟ සමුළුව සංවිධානය කර ඇත.