අනුර කුමාර කැනඩා යයි

අනුර කුමාර කැනඩා යයි

March 21, 2024   11:04 am

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සංචාරයක නිරතවීම සඳහා ඊයේ (20) පස්වරුවේ කැනඩාව බලා පිටව ගොස් තිබේ.

එම පක්ෂයේ කැනඩා කමිටුව මාර්තු 23 වැනිදා ටොරොන්ටෝ අගනුවරදී සහ 24 වැනිදා වැන්කුවර් නගරයේදී සංවිධාන කර ඇති ප්‍රධාන ජනහමු දෙකකට ඔහු සහභාගී වීමට නියමිතය.

මීට අමතරව කැනඩාවේ සිටින ශ්‍රී ලාංකේය දෙමළ හා මුස්ලිම් ප්‍රජාව සමග සුහද හමු කිහිපයකටද අනුර කුමාර දිසානායක මහතා සහභාගිවී වනු ඇත.