ජාත්‍යන්තර වනාන්තර දිනය අදට යෙදෙයි

ජාත්‍යන්තර වනාන්තර දිනය අදට යෙදෙයි

March 21, 2024   08:48 am

ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබේ.

ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන සමාජය තුළ පවතින දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මාර්තු 21 වනදා ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මෙවර එහි තේමාව "වනාන්තර හා නවෝත්පාදන" යන්නයි.

වනාන්තර දිනය සැමරීමට සමගාමීව පැළ ලක්ෂ 10ක් වනාන්තර වලින් පරිභාහිරව සිටුවීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබේ.