රොනී ද මෙල් දැයෙන් සමුගනී

රොනී ද මෙල් දැයෙන් සමුගනී

March 1, 2024   08:34 pm

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රොනී ද මෙල් මහතාගේ අවසන් කටයුතු අද (01) රුහුණු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී අද සිදු කෙරිණි.

ඒ, ඔහුගේ අවසන් කැමැති පත්‍රයේ සඳහන් පරිදි ඉල්ලීම්වලට අනුවයි.

මෙරට දේශපාලන ඉතිහාසයේ වැඩිම අයවැය ගණනක් ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා ලෙස වාර්තා අතරට එක් ව සිටි කෘතහස්ත දේශපාලනඥයකු වූ රොනී ද මෙල් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය සඳුදා අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතා 98 වන වියේ පසු විය.

ඒ මහතාගේ දේහය කොළඹ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ අතර, පසු ව ඊයේ සවස රුහුණු විශ්වවිද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ තැන්පත් කරනු ලැබිණි.

අනතුරු ව අවසන් කටයුතු සඳහා රොනී ද මැල් මහතාගේ දේහය අද සවස රුහුණු විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාංගණය වෙත රැගෙන එන ලදි.

මෙහි දී රොනී ද මෙල් මහතාගේ අවසන් කැමති පත්‍රෙයහි සඳහන් පරිදි අවමංගල්‍ය උත්සවයේ දී කතා පැවත්විණි.