ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් පිළිබඳ සම්මුතියක්

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් පිළිබඳ සම්මුතියක්

February 16, 2024   07:12 am

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අත්සන් තැබු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ මෙරට ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමේදී සිදුවන ප්‍රමාදය වැළැක්වීම මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණක් වන බවය.

එමෙන්ම කොළඹ වරාය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එහි පුළුල් කිරීම් ද ක්‍රියාත්මක කරන බවය.