සිසුවා පාසල ට ගොස් වටේටම වෙඩි තබයි

සිසුවා පාසල ට ගොස් වටේටම වෙඩි තබයි

January 5, 2024   11:15 am

අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ පාසලක වෙඩි තැබීමක් වාර්තා වෙයි.

පාසල් නිවාඩුවෙන් අනතුරුව පාසල් ආරම්භ කළ අවස්ථාවේදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන් 6 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙක් මියගොස් ඇති බවද වාර්තා වෙයි.

ඔහු 6 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු බවත් සඳහන්ය.

තුවාල වූ 5 දෙනාගෙන් සිව්දෙනෙක් සිසුන් වන අතර අනෙක් පුද්ගලයා පාසල් පරිපාලනයේ සාමාජිකයෙකි.

අනතුරුව වෙඩි තැබීම සිදුකළ සිසුවා වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබුණි. ඔහුගේ වයස අවුරුදු 17 ක් විය හැකි බව බලධාරීන් පැවසීය. 

පසුව පාසල තුළ සිදුකළ මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා සැකසූ උපාංගයක් ද හමුවී තිබේ.