ගණේමුල්ලේ සංජීව කටුනායක දී කොටුවූ හැටි

ගණේමුල්ලේ සංජීව කටුනායක දී කොටුවූ හැටි

September 14, 2023   07:12 am

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන සංජීව කුමාර නොහොත් ගණේමුල්ලේ සංජීව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් වීඩියෝ "අද දෙරණ"ට ලැබී තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (13) පස්වරුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේය.

නේපාලයේ කත්මණ්ඩු නුවර සිට මෙම සැකකරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබේ.

සේනාධීරගේ කරුණාරත්න යන නමින් පැමිණි මෙම සැකකරු සම්බන්ධයෙන් සැක සිතු කටුනායක ගුවන්තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බව සඳහන්ය.

සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මොහු ගණේමුල්ලේ සංජීව බවට තොරතුරු තහවුරු වී ඇති බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඊයේ රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් වෙත භාර දී තිබේ.