පියෙක් දියණිය සමග දුම්රියට පනී

පියෙක් දියණිය සමග දුම්රියට පනී

September 7, 2023   08:51 am

පුද්ගලයෙකු තම දියණිය සමග දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබේ.

මෙම පුවත වාර්තා වී තිබුණේ කන්තලේ පොලිස් වසමේ රජඇල ප්‍රදේශයෙනි.

ඊයේ (06) රාත්‍රී කාලයේ ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට පුද්ගලයෙකු තම දියණිය සමග පැන සියදිවි හානි කරගෙන ඇති බවට කන්තලේ පොලීසියට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කළ බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ අවුරුදු 38 ක් වන කන්තලේ පේරාරු ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ අවුරුදු 06ක දියණියකි.

මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ විදේශ රැකියාවකට ගොස් ඇති අතර එහිදී ඇය අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට දැන ගැනීමෙන් ඇතිවු සිත් තැවුල හේතුවෙන් දියණිය සමග සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෘතශරීර කන්තලේ රෝහලේ තැන්පත් කර ඇති අතර කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.