රිය අනතුරු දෙකකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

රිය අනතුරු දෙකකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

August 6, 2023   10:16 am

ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, රක්වාන සහ කළවංචිකුඩි යන ප්‍රදේශවල එම අනතුරු සිදුව ඇති බවයි.

රක්වාන ඕබඩකන්ද ප්‍රදේශයේ දී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් සිදුවූ අනතුරකින් පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මියගොස් ඇත්තේ, 44 හැවිරිදි රාජාංගනය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව සඳහන්ය.

මේ අතර, කලවංචිකුඩි සෙට්ටිපාලම ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මාර්ගයේ ගමන් ගත් 76 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය වාර්තා කරයි.