තලෛමන්නාරම් ජැටිය ප්‍රතිසංස්කරණයට පියවර

තලෛමන්නාරම් ජැටිය ප්‍රතිසංස්කරණයට පියවර

August 5, 2023   10:42 am

තලෛමන්නාරම් ජැටිය ප්‍රතිසංස්කරණය කොට වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය සැලසුම්කර තිබේ.

ඒ, වසර 37 කට පසුවය.

එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. 

ඉන්දියාවේ රාමේෂ්වරන් සිට පැමිණෙන මගී සංචාරක යාත්‍රා සඳහා පහසුකම් සැපයීමේ වරායක් ලෙස මෙය සංවර්ධනය කිරීමට සැලසුම්කර ඇත.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,800ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇති අතර එහි පළමු අදියර යටතේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ජැටියට මායිම්වන රජය සතු ඉඩම්වලින් අක්කර 10 ක පමණ භූමි ප්‍රමාණයක් පවරා ගැනීමට ද තීරණය කර තිබේ.