ඩෙයාඩෙවිල්ට දිවි අහිමි කළ අවසන් තරණය

ඩෙයාඩෙවිල්ට දිවි අහිමි කළ අවසන් තරණය

July 31, 2023   11:50 am

ත්‍රාසජනක ක්‍රියාවල නිරත වෙමින් උස් ගොඩනැගිලි තරණය කිරීම හරහා ජනප්‍රිය වූ ලෝ ප්‍රකට තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඩෙයාඩෙවිල් ලෙස ප්‍රසිද්ධ රෙමී ලුසිඩි නමැති තරුණයාය.

ඔහු ප්‍රංශ ජාතිකයෙකි.

මියයන විට ඔහු 30 හැවිරිදි වියේ පසුවිය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හොංකොං හි පිහිටි මහල් 68ක ගොඩනැගිල්ලකින් ඇදවැටීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බවය.

එම ගොඩනැගිල්ල මතදී පය ලිස්සා යාම හේතුවෙන් පහළට ඇදවැටී ඔහු මෙලෙස මියගොස් ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.