තමා නයිජර්හී නායකයා බව ජෙනරාල් අබ්දුරහ්මනේ ට්චියානි ප්‍රකාශ කරයි

තමා නයිජර්හී නායකයා බව ජෙනරාල් අබ්දුරහ්මනේ ට්චියානි ප්‍රකාශ කරයි

July 28, 2023   06:46 pm

නයිජර් රාජ්‍යයේ නායකයා තමා බව එරට හමුදා ප්‍රධානී ජෙනරාල් අබ්දුරහ්මනේ ට්චියානි ප්‍රකාශ කර ඇත.

කුමන්ත්‍රණයකින් පසු නයිජර් රාජ්‍යයේ නව නායකයා ලෙස අබ්දුරහ්මනේ ට්චියානි පත්වී ඇති අතර, මෙය 1960 නයිජර් රාජ්‍යයේ නිදහසින් පසු පැවති ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය බිඳවැටුණු පළමු අවස්ථාව ලෙස හඳුනාගත හැකිය.

නයිජර් ජනාධිපති මොහොමඩ් බාසූම්, හමුදාව විසින් අල්ලාගැනීමත් සමඟ බදාදා සිට මෙම කුමන්ත්‍රණය ආරම්භ විය.

මෙම කුමන්ත්‍රණය අප්‍රිකානු සංගමය, බටහිර අප්‍රිකානු කලාපීය කණ්ඩායම (Ecowas), එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් දැඩි ලෙස හෙලා දැක ඇත.

කෙසේ වෙතත්, රුසියාවේ වැග්නර් කුලී හේවා කණ්ඩායමේ නායක යෙව්ගනි ප්‍රිගොෂින්, එය ජයග්‍රහණයක් ලෙස විස්තර කරමින් කුමන්ත්‍රණය අගය කර ඇති බවද වාර්තා වේ.