පාසල් සිසුවෙක් දියේ ගිලී අතුරුදන්

පාසල් සිසුවෙක් දියේ ගිලී අතුරුදන්

July 24, 2023   09:15 am

පානදුර නල්ලුරුව මුහුදු වෙරලේ දියනැමට ගිය සිව්දෙනෙකු අතරින් පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව, තිදෙනෙකු දිවිගලවාගෙන ඇති බව පානදුර දකුණ පොලීසිය පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර, මාලමුල්ල ප්‍රදේශයේ පදිංචි හේසාන් සත්සර සුදර්ශණ පීරිස් නැමැති 17 හැව්රිදි තරුණයකු බව පොලීසිය සඳහන් කරයි.

අතුරුදන් තරුණයා සොයා ප්‍රදේශවාසින් මෙහෙයුම් සිදුකරන බව පොලීසිය පැවසීය.

පානදුර දකුණ පොලීසිය පරීක්ෂණ පවත්වයි.