ඩොලරය තවත් ශක්තිමත් වෙයි

ඩොලරය තවත් ශක්තිමත් වෙයි

July 18, 2023   02:09 pm

අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයේ ගැණුම් මිල සහ විකිණුම් මිල අදත් (18) වෙනස් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතික සටහනට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 314.95ක් ලෙසත් විකුණුම් මිල රු. 328.65 ක් ලෙසත් දැක්වෙයි.

ඊයේ (17) ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වූයේ පිළිවෙලින් රු. 313.29ක් හා රු. 327.16ක් ලෙසිනි.

මේ අතර අද (18) එක්සත් ජනපද ඩොලරයේ "නිරූපිත එතැන්" විනිමය අනුපාතිකය (SPOT Exchange Rate) රු. 322.80ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

ඊයේ එම අගය දැක්වුණේ රු. 319.12ක් ලෙසිය.

2023 අප්‍රේල් 04 පසු එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකයෙහි වාර්තා වූ වැඩිම වටිනාකම මෙය ලෙස දැක්වෙයි.