A/L කළත් නැතත් පාසලේදීම වෘත්තීය පාඨමාලාවක්

A/L කළත් නැතත් පාසලේදීම වෘත්තීය පාඨමාලාවක්

July 17, 2023   11:13 am

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී උසස් පෙළ හැදෑරීම සඳහා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින මාස තුනක පමණ කාලයේ සිසුන්ට පාසල තුළදීම වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව හිමිකර දීමට ඉදිරියේ දී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එමගින් උසස් පෙළ හැදෑරිමක් සිදුනොකළ ද සිය ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සාක්ෂරතාවක් සිසුන්ට ලබාගත හැකි බව අමාත්‍යවරයා පැවසීය. 

අමාත්‍යරයා මේ බව පැවසුවේ ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා හා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එම උත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණි.