ටෙස්ලා මෝටර් රථයක සිහිනය දකින හැමෝටම සුබ ආරංචියක්

ටෙස්ලා මෝටර් රථයක සිහිනය දකින හැමෝටම සුබ ආරංචියක්

July 13, 2023   03:33 pm

විදුලි වාහනයෙන් ලෝකයම ආක්‍රමණය කළ ටෙස්ලා සමාගමේ නවතම පිම්ම වෙත ලෝකයේම අවධානය යොමුව ඇත.

ටෙස්ලා සමාගම සිය නවතම කර්මාන්තශාලාව ඉන්දියාවේ ඉදිකිරීමට සැරසෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ මෙලෙස ටෙස්ලා ගැන යළි කතාබහක් ඇතිව තිබේ.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ සිය රථවාහන අපනයනය කිරීමේ පහසුව පදනම් කරගනිමින් මෙලෙස ඉන්දියාවට සිය කර්මාන්තශාලාවක් ගෙන ඒමට ටෙස්ලා සමාගම සාකච්ඡා කර ඇති බවය.

එසේම එමගින් ඉන්දීය මෝටර් රථ වෙළෙඳපොළටද ඉන් ප්‍රබල බලපෑමක් එල්ලවිය හැකි බව විශ්ලේෂකයින් පවසයි.

මේ අතර රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබුණේ මෙම නව ටෙස්ලා කර්මාන්තශාලාව හරහා නිෂ්පාදනය කරන මෝටර් රථයක් ඉන්දීය රුපියල් මිලියන 2කට (අමෙරිකානු ඩොලර් 24,400.66) ආසන්න මුදලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවය.

එය ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 75ක් පමණ වෙයි.