දක්ෂිණ අධිවේගයේ අනතුරු වැළක්

දක්ෂිණ අධිවේගයේ අනතුරු වැළක්

April 16, 2023   10:43 pm

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ සිදුවූ අනතුරු කිහිපයකින් වාහන 26කට ආසන්න සංඛ්‍යාවකට අලාභ සිදු වී ඇති බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය පවසයි.

අලාභ වු වාහන අතර මෝටර් රථ 22කට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බව සඳහන් වේ.

ගාල්ල සිට කොළඹ බලා ගමන් ගත් වාහන කිලෝමීටර් 32 හා 35 අතර දී සිදු වූ අනතුරු 06කින් මෙම අලාභ සිදු වී තිබේ.

සිදු වූ අනතුරුවලින් කිසිවෙකුටත් තුවාල හෝ අධිවේගී මාර්ගයෙහි දේපළවලට අලාභ සිදු වී නොමැති අතර බහුතරයක් වාහනවල ඉදිරිපස සහ පිටුපස ප්‍රදේශවලට අලාභ සිදුව ඇත.

වාහන අතර පරතරයක් තබාගෙන ධාවනය නොකිරීම හේතුවෙන් මෙම අනතුරු සියල්ල සිදුවී ඇති බව සඳහන් වේ.